Saturday, December 7, 2024

The Unknown Factor

The human mind is amazing. Evolved from survival to being the dominant creatures of this small, blue planet, nestled among billions of stars. Within this tiny world, we wage wars for land, power, and wealth. Sometimes, we call it patriotism or other names, but the underlying motivations often remain the same.

I’m not here to rehash history, but to ponder the future. In countless texts, humanity has been symbolically represented, revealing the nature of our species. The Hominid category once held many species, but only one survived, evolved, and persists today. Despite this, we continue to engage in pointless pursuits, driven by materialistic desires and superficial gains.

A few visionary individuals have sought to change the world, to liberate humanity, and to create a safer society. Their visions, though noble, have often been distorted and commercialized. These once-pure teachings have become products, manipulated and exploited for profit.

Religious leaders and spiritual guides have capitalized on these visions, attracting followers and amassing wealth. Blind faith has led many to sacrifice their lives and values, often in the name of these distorted ideals.

The human mind, with its inherent flaws and biases, seeks meaning in the unknown. We create theories and beliefs to justify our actions, no matter how irrational or harmful they may be.

My message is simple:
 * Follow your vision, but question it critically.
 * Don’t blindly follow people,  be reasonable on your beliefs. 
 * Be responsible for your own actions and the impact they have on others.
 * Strive to be good. Be a human before representing a group.

We are but fleeting visitors to this tiny planet. Let us use our time wisely, explore the mysteries of life, and treat all living beings with compassion and respect.

#not_copied  #උපුටාගැනීමක්_නොවේ

Thursday, March 7, 2024

බෞද්ධ_දර්ශනය_හා_සංස්කෘතිය

1 කොටස (#බෞද්ධ_දර්ශනය_හා_සංස්කෘතිය)

සමාවන්න මෙසේ මෙවැන්නක් සමාජ මාධ්‍යයක ලිවිම ගැන. නමුත් ක්ෂණයකින් ඇතිවූ සිතුවිලි සමුදායක් මෙසේ අර්ථවත් ලෙසකින් මුදාහැරීමට සිතුවෙමි.

මම හා අප සියලුදෙනා ජිවත්වන මෙම ශ්‍රී ලංකා දීපය හෙවත් දිවයින අනාදිමත් කාලයක සිට බෞද්ධ රටක්. එයට මහාවංශය , සෙල්ලිපි ආදී බොහෝ සාක්ෂි පවතී. අනුරාධපුර යුගයේ දහස් ගණනින් රතන් වහන්සේලා වැඩසිටියාලු. බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුනාලු. අසුහාරදහසක් වූ මහා ධර්මස්කන්ධය ග්‍රන්ථාරූඪ කරාලු. එකල රජවරු දහසක් වැව් තනවා බත බුලතින් රට ස්වයංපෝෂිත කරාලු. සඟ - වේද - ගුරු - ගොවි - කම්කරු යන පංච මහා බලවේගය රට ආරක්ෂා කරාලු. අවුරුදු 2500 කට එහා ගිය මහා ඉතිහාසයක් අපට තිබුනාලු. ශ්‍රී ලංකාව ලෝකයේ උතුම්ම රටලු. මෙම කරුණු ඔබ බොහෝ දෙනා අසා ඇති බව මම විශ්වාස කරමි. එයින් සියල්ලම හෝ බොහෝ දේ විශ්වාස කරන බවද මම සිතමි. එම මතයේ සිට මම යතාර්ථය පිළිබඳව කුඩා හැඳින්වීමක් කරන්නට කැමැත්තෙමි.

ඉහත කරුණු සියල්ල අතර ඔබ "සිංහල බෞද්ධයෙකු" ලෙස තමන්ව හඳුන්වාගන්නවානම් , බෞද්ධාගම සම්බන්ධව ආන්දෝලනාත්මක යමක් සිදුවන විට කලබලයට පත්වනවානම් , දේශපාලනයේදී හා න් සියලුම තැන් වලදී "සිංහල බෞද්ධ" ලෙස තමන්ව හඳුන්වාගන්නා පාර්ශවය සමග එක්වේනම්, ඔබ තුල එලෙස අනාදිමත් කාලයක් පුරා ඇසු විරූ කරුණු නිසා ඇතිවන අභිමානයක් හා තමන් එම අභිමානනීය ඉතිහාසයේ කොටස්කරුවෙකු ලෙස සිතීම හා තමන්ගේ ජාතිය ලෙස සිතීම නිසා ඇතිවන ආවේගයක් පවතී. 
අතීතයේදී ගැමි ගෙවල්වල කොස් කෙටීමට ඇති කඩුව , කැවුම් මල්ලක්ද සමග ගෙන පාගමනින්ම රට  බේරාගැනීමට පර ජාතින් හා යුද්ධයට ගිය  සිංහලයන් තුල තිබු ආවේගයට ආසන්න යමක් ඔබ තුල ඉතිරිව පවතී. 

මෙහිදී මම ආසන්න යමක් ලෙස හැඳින්වීමට වැදගත් හේතුවක් ඇත. එකල යුද්ධයට ගිය බොහෝ අය නැවත ගම්බිම් කරා නාවෝය. ඔවුන් එකා පිට එකා මැරී වැටෙන විටෙක තම රට වෙනුවෙන් නොබියව ඉදිරියට ගියහුය. එකල යුරෝපීයයන් සිංහලයන්ගේ එඩිතර බවට බියවිය. ඔවුන් සිංහලයන් හා ගැටී මහා විනාශ ලද්දාහුය. එකල සිංහලයන්ට තම පවුල් වල පැවැත්ම ගැන සිතීමට තිබුනේ එක දෙයක් පමණි, එනම් රටේ පැවැත්ම පමණි. ඉන් එහාට සියල්ලන්ම ස්වයංපෝෂිත විය. මුදල් මත යැපෙන්නන් නොවීය. ඔවුන් බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නන් විය.

බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය එක්ව පැවතුනත් සංස්කෘතිය යනු බෞද්ධ දර්ශනය නම් පොත වෙලා පවතින කවරය මිසෙක එකම දෙයක් නොවේය. බෞද්ධ දර්ශනය තුල විනය, විද්‍යාව, පරිසරය, ලෝක ස්වභාවය, ලෞකික පැවැත්ම හා ලෝකෝත්තර දියුණුව ආදී දැනුම අන්තර්ගත වී ඇත. පන්සල , පින්කම් , පෙරහැර , ආදී සියලුම භෞතික හා සංස්කෘතික පැවතුම් එම දර්ශනය නොනැසී පවත්වාගැනීමට සෑදුනු බෞද්ධ දර්ශනය නමැති මහා විශාල පිටු සංක්‍යාවකින් යුතු පුස්තකය බැඳ තබන්නාවූ වර පටවල් හා කවරයක් විය.

කාලය ගතවෙත්ම මම ඉහත ඡේද ද්විත්වහිම දැක්වූ කරුණු සමාජය හා ආර්ථිකය සමග වෙනස්විය. යුද්ධය වෙනස් මුහුවරක් ගත අතර පෙර ලෙසට සරල නොවිය. දේශපාලන ක්‍රමය වෙනස්වූ අතර රට තුල එකම ජාතිය අතර යුද්ධ ඇතිවිය. යුද්ධය හා දේශපාලනය එකිනෙකට පිළිකුල් ලෙස බැඳී පවතින එකිනෙක මත යැපෙන විවිධ පාර්ශවයන්ගේ කෙලිමඩලක් බවට පත්විය. පාලකයන්ගේ යුද්ධයට පාලිතයන්ට යාමට සිදුවිය. එය රට ජාතිය පෙරදැරිව සිදුවුවත් එය අපිරිසිදු හා සංකීර්ණ විය. දේශපාලනයද එසේම විය. අතීතයේ පැවති එකමුතුකම වෙනුවට නව දේශපාලනය සඳහා යුරෝපීයයන්ගේ ක්‍රමෝපායක් වූ බෙදා වෙන්කර පාලනය කිරීම යොදාගන්න ලදී. අදටත් එය එලෙසම ක්‍රියාත්මකය. මෙයට බෞද්ධ සංස්කෘතියද පටලවාගත්කල ක්‍රමක් ක්‍රමයෙන් පිරිහෙමින් පැවති බෞද්ධ  ධර්ශනය හා ජීවත්වීමේ රටාව සම්පුර්ණයෙන්ම විකෘති කොට අභ්‍යන්තර දේශපාලන අවියක් බවට පත්කර ජනයා තුල ඇති අභිමානය හෝ හැඟීම නිර්ලජ්ජිත ලෙස අද වන විට යොදාගනිමින් පවතී.

මෙහි තවත් කොටසක් මා විසින් ලිවීමට නියමින් අතර මෙය නිමාකිරීමට පළමුව මෙසේ සඳහන් කීරීමට කැමැත්තෙමි. බෞද්ධයන් ලෙස අප සතු වන වටිනාම දෙය නම් එම දර්ශනයෙන් අප ලද දැනුම හා ජිවන රටාවයි. අප අපව, සිංහල බෞද්ධයන් ලෙස හඳුවාගත්තද , කිසිඳු දෙයක් එම දර්ශනය අනුව නොකරයිනම් , අප සිංහල බෞද්ධයන් ලෙස හඳුන්වන්නේ කෙසේදැයි මම ප්‍රශ්න කරමි. බෞද්ධ සංස්කෘතිය හෙවත් පන්සල් , පින්කම් ,පෙරහැර, ආදී සියල්ලන්ම එම දර්ශනය වටකොට ඇතිවූ පැවැතු වස්තුන් මිසෙක බෞද්ධ දර්ශනයට එහා ගිය මුලිකත්වයක් දියයුතු ස්ථානයන් නොවේය. ප්‍රතිපත්ති පුජාව , ආමිස පුජාවට වඩා උතුම් බව සඳහන්කර ඇත්තේද එබැවිනි. එනිසා සිංහල බෞද්ධයන් ලෙස , බෞද්ධ යන වචනය දේශපාලනීකරණය හෝ භෞතික නිස්සාර දීවල් වලට ලඝු නොකොට බෞද්ධ දර්ශනය අනුගමනය කල යුතුය.

Saturday, February 10, 2024

ට්‍රැක්...

ට්‍රැක්... එසේ නොමැතිනම් ට්‍රැක් පැනීම බොහෝ අවස්ථාවල භාවිතා වන කියමනක්. 
නමුත් එය සාමාන්‍ය හිස් කියමනක් පමණක්ම වේ. කිසිවෙකුත් කිසිවෙක් ජීවත්විය යුතු ආකාරය, ඇවිදින ආකාරය, අඳින පළඳින ආකාරය පිළිබඳ අමුතු විවරණ දිය යුතු දෙයක් බවට පත්කරගත යුතු නොවේ. සරලවම කියතොත් තමන්ගේ ' ට්‍රැක් ' එකෙන් පැන අනුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කළ යුතු නොවේ.

ඔබට හරි ට්‍රැක් එකේම යා යුතුනම්,

1. ඔබේ රැකියාව හරියට කරන්න. දේසේ හැටියට වාසේ යයි පවසමින් තමන්ගේ පැවැත්ම සඳහාම ට්‍රැක් පැනීමද නින්දා සහගත ට්‍රැක් පැනීමකි. එහිදී ඔබ විසින්ම මුළු ආයතනයක ට්‍රැක් පන්නනු ලබයි. 

2. අවම තරමේ සාමාන්‍ය ආචාර ධර්ම හෝ පිළි නොපදිමින් එසේ හොඳින් ජීවත් වන අය ට්‍රැක් පනින බව පැවසීම අමු හෙලුවෙන් ට්‍රැක් පැනීමකි.

3. සාධාරණව සියලු අවස්ථාවල කටයුතු නොකරමින් තමන්ගේ ගැලවීම සඳහා පෞද්ගලික ජීවිතය හා රාජකාරි ජීවිතය වෙන් වෙන්ව පවතින බව පවසමින් දෙබිඩි ජීවිතයක් ගැන සිතීමද මහා ට්‍රැක් පැනීමකි.

4. ඊට අමතරව යුතුකම් හා වගකීම් පැහැර හැරීම හා වගකීම් ඉටු කරන අයගේ ට්‍රැක් පැන්නීම මහා අමනකමකි...

මෙකී ආකාරයේ හෝ එම වර්ගයේ නොවන, සාමාන්‍ය ලෙසට ජීවිතය  විඳීම ට්‍රැක් පැනීමක් නොව සාමාන්‍ය තත්ත්වයකි. එහිදී ඔබ කලබල විය යුතු නොවේ. පශ්චාත් භාගයේ යමක් ඇනුණු ලෙසකින් සීරුවෙන් ජීවත් විය යුතු නොවේ. 

#උපුටාගැනීමක්_නොවේ