ඇතැම් දේ තර්කානුකූල නොවන නමුත්, වෙනයම් කරුණක් හේතුකොටගෙන අප එය පවත්වාගනුලබයි.
ඇතැම් විටෙක, එකී විශ්වාසය හෝ තර්කය බිඳී ගිය විට, අපට එය කෙතරම් වැදගත්වීද යන කරුන මත එය අපගේ පැවැත්මට බලපාන ආකාරය වෙනස්විය හැක.
ඇතැම් විටෙක ඉතා සරල කරුණක් නිසා හෝ වරෙක ඉතා සංකීර්ණ සිතුවිල්ලක ප්‍රතිඵලයක් ලෙස බොහෝ වෙනස්වීම් සිදුවිය හැක. බොහෝ මිනිසුන් බැටළුවන් වැනි හැසිරීමක් නොඑසේනම් ඕනෑම ආකාරයකට වෙනස්විය හැකි පැවැත්මක් පෙන්වන නමුත්, කලාතුරකින් දැඩි මතධාරියෙක් සිටිය හැක. ඔවුන්ගේ පැවැත්ම හා වෙනස්වීම සංකීර්ණ වන නමුත් බොහෝවිට ඒක මතයක රැඳී සිටියි.
බොහෝ විටෙක දර්ශනය සාධාරණ වන අතර සරල නොවන බොහෝ සිතුවිලි යම් තීරණයක් සඳහා දායකත්වය දක්වා තිබෙනු ඇත. එනයින්ම බොහෝ තීරණ දැඩි වනු ඇත, ගැඹුරු දක්මකින් යුක්ත වනු ඇත.
ඒ කෙසේ වෙතත්, මිනිසෙකුට තම පැවැත්මට එහා යමක් තිබිය යුතුය. දර්ශනයක් තිබිය යුතුය. සියලු සතුන් අතරින් මිනිසෙකු වෙනස් වන්නේ එලෙස පවතින්නා වූ පැවැත්මට එහා ගිය චින්තනය හැර අන් කිසිවක් නිසා නොවන්නේය.
ස්වයං දැනුවත්භාවය (Self Awareness) බුද්ධිමත්භාවයේ මූලිකත්වය ගන්නා විටෙක තම පැවැත්ම හෝ පැවතීම ගැන ප්‍රශ්න කරනා එකම ජීවියා මිනිසා වන්නේය.