නොසිහියෙන් මා මුවෙන් වැමෑරුණු
දුක් ගැහැට එකතු කර
එය මහා කවියක් යැයි
පසු කලෙක ඔබ කීහ........
මහගමසේකරගේ "කිවිඳුගේ සොහොන" කවි අතරෙන් එක් විශේෂ කවියක්. මෙලොව එලිය දැකීමේ සිට මරණය තෙක් විඳින හෝ විඳවන සියල්ල දුකකට අනෙකක් යයි මා නොසිතමි, වරෙක අඩු වැඩි වශයෙන් හෝ සැපයක් හෝ සතුටක් ලෙස පැමිණියත් කිසි කලෙක අංශු මාත්‍රයක හෝ දෙයක සැපයක් නොමැත. එසේ පවතින දුකක් වුවද කලාත්මක වූ කලෙක එය ඇගයීමට ලක්වෙති , මක්නිසාද යත් මිනිසුන් තමන් දන්නා දෙයක් ගැන වෙනත් ආකාරයකින් දැකීම ප්‍රිය වන බැවිනි.
වලාකුළු දිය වෙවී
ඇද හැලෙන වැසි දහර
දෙපස ගං ඉවුරු බිඳ
ගලන බොර තඹ වතුර
වෙනත් ගං හෝ වෙරළ
පන නොයන මහ සයුර
වටයක්ය දිගු ගමන
අක් - මුලක් නැති සසර.
No comments:
Post a Comment